ඉන්ධන පිරවුම්හල් 121ක් කිසිම ඇනවුමක් ඉදිරිපත් කර නෑ… සියයට 50ක තොග පවත්වාගෙන නොගිය සියලුම ඉන්ධනහල්වල බපත්‍ර ආහෝසියි!

සියයට 50ක ඉන්ධන තොග පවත්වා ගැනීම සඳහා ගිවිසුම් ප්‍රකාරව බැඳී සිටිය දී ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනයක් කර ගිවිසුම උල්ලංඝණය කළ බෙදුම්කරුවන්ගේ ගිවිසුම් අවසන් කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජෙසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

මේ වනවිට ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් පසුගිය සතියේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇණවුම් කරන ලද සහ පවත්වාගෙන ගිය තොග පිළිබඳ දත්ත සමාලෝචනය කරමින් සිටින බවත් දැනට හෙළිදරව් වූ කරුණු අනුව ඉන්ධන පිරවුම්හල් 121 ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇනවුම් ඉදිරිපත් කර නොමැති බවත් ඇමතිවරයා හෙළිදරවු කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම බොහෝ ඉන්ධනහල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බව මූලික වාර්තා හඳුනාගෙන ඇති බව ද ඇමතිවරයා කියයි.

කොන්ත්‍රාත්තුවේ කොන්දේසි ප්‍රකාරව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 50% ක අවම තොගයක් පවත්වා ගැනීමට අවශ්‍ය වුව ද එසේ පවත්වා නොගෙන කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කිරීමෙන් පසු අවසන් කරනු ලබන බවත් ඇමතිවරයා ගේ ප්‍රකාශයේ සඳහන් වේ.

ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ IOC සමාගම විසින් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන අතර ඉරිදාවන විට ප්‍රමාණවත් ඉන්ධන තොග සියලුම ඉන්ධන පිරවුම්හල්වල පවතිනු ඇති බවත් ඇමතිවරයා කියයි.