මූල්‍ය හා ආර්ථික ත්‍රස්තවාදයක් ගැන සජිත් කියයි

වරාය නගර ව්‍යාපෘතිය හරහා මූල්‍ය ත්‍රස්තවාදයක් හා ආර්ථික ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් එය පරාජය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“මූල්‍ය ත්‍රස්තවාදයක්,  මූල්‍ය බෙදුම්වාදයක්, ආර්ථික ත්‍රස්තවාදයක් ආර්ථික බෙදුම්වාදයක් වරාය නගර වැඩසටහන හරහා ක්‍රියාත්මක කිරිමට වර්තමාන රජය කටයුතු කරමින් තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මිලියන 22ක් වන අපේ රටේ ජනතාව 3 වැනි පංතියේ පුරවැසියන් බවට සලකලා විදේශීය පුරවැසියන්ට ගැතිකම් කරන්න, යටත් වෙලා වහල් වෙලා අප මාතෘ භූමියන වහල් දේශයක් බවට පත්කරන්න මේ රජය කරගෙන යන වරාය නගර ක්‍රියාදාමය ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු ඉදිරිපත් කර මේ නින්දිත ක්‍රියාදායම පරාජය කරන්න කටයුතු කරනවා”