ඊජිප්තුවේ දුම්රිය අනතුරින් මරණ 11ක්, 98ක් තුවාලයි

ඊජිප්තු අගනුවර වන කයිරෝවට උතුරින් ඊයේ (18දා) සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 98 දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු බලධාරීහු පවසති.

කයිරෝවට මදක් ඔබ්බෙන් පිහිටි ක්ලියුබියා පළාතේ බන්හා නගරයේ දුම්රිය මැදිරි හතරක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවූ බව දුම්රිය අධිකාරිය පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම දුම්රිය ඊජිප්තු අගනුවර සිට මන්සෝරා නයිල් ඩෙල්ටා නගරයට ගමන් කරමින් සිටි බව අධිකාරිය වැඩිදුරටත් කියයි.

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගිලන්රථ 55කට අධික සංඛ්‍යාවක් යොදවා තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අනතුරට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ පැවැත්වේ.

දුම්රිය හඳුන්වා දුන් අප්‍රිකාවේ පළමු වැනි රට ඊජිප්තුවයි. කෙසේ වෙතත්, එහි දුම්රිය පද්ධතියේ අනතුරු සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ, පසුගිය දශක 3ක කාලය තුළ, දුර්වල නඩත්තු කිරීම සහ ආයෝජන නොමැතිකම හේතුවෙනි.