රට ගොඩගැනීමේ ආණ්ඩුවේ සූත්‍රය පිටරට මාධ්‍යයටත් කියාදෙයි

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාව සංවර්ධනය කරා වේගයෙන් ගෙන යාම සඳහා අවශ්‍ය කරන සැමදේම අඩුවක් නැතිව රජය සතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ නායකත්වය ජාත්‍යන්තර ජනමාධ්‍ය හමුවේ විශ්වාසය පල කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හිටපු හමුදා සෙන්පතියකු පවසන පරිදි තුනෙන් දෙකක බලයක් සහ “බුද්ධිමත් හා දේශප්‍රේමී” නායකයකු සහිත ආණ්ඩුවට රට සංවර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ “විනය සහ දේශප්‍රේමය” යි.

“මං හිතන්නේ ඉතා කෙටි කාලෙකින් රට සංවර්ධනය කරන්න පුළුවන්,” යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර අල් ජසීරා රූපවාහිනියට පවසා තිබුණි.

“අපිට ඕනේ කරන්නේ විනය සහ දේශප්‍රේමය පමණයි. මන් හිතන්නේ ඒ සාධක දෙකම ආණ්ඩුව තුල තිබෙනවා.”

Comments are closed.