රාජ්‍ය පරිපාලන – විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවි දෙකටම සයිබර් ප්‍රහාරයක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් කිසිවෙකුටත් එම වෙබ් අඩවිවලට පිවිසිය නොහැකි පරිදි එම අඩවි වසා දමා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ විදේශවල වෙසෙන එල්ටීටීඊ හිතවාදීන් පිරිසකගේ
උවමනාවට යැයි හෙලිවෙමින් පවතින බව රජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධව ආයතන දෙකම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ද දැනුම්දී තිබේ.

Comments are closed.