ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සිය ඉල්ලා අස්වීම නිළ වශයෙන් ප්‍රකාශයට පත්කරයි

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සිය ඉල්ලා අස්වීම නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන්නේ අගමැති තනතුරේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය තරම් නිරෝගී තත්වයෙන් පසු නොවන බැවිනි.

ජපාන අගමැතිවරයා ‍කලෙක පටන් බඩවැල් ආශ්‍රිත රෝගී තත්වයකින් පෙළුණු අතර මේ වනවිට එම රෝගී තත්වය උත්සන්න වී තිබෙනවා. මේ නිසා ඔහු පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත්තේය.

ජපාන ඉතිහාසයේ වැඩිම කාලසීමාවක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා ෂින්සෝ අබේ වන අතර ඔහුගේ වත්මන් ධුර කාලය ආරම්භ වූයේ 2012 වස‍රේදීය.

ජපාන අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින්, ධුර කාලය සම්පූර්ණ කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් ජපාන ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.

ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වුවද අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් ඔහු තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

Leave A Reply

Your email address will not be published.