සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට

සොයිසාපුර ලක්මැදුර හෝටලයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම වෙඩිතැබීම මෙහෙයවන ලදැයි කියන දැනට විදේශගත වී සිටින පාතාල සාමාජිකයකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන අය සමඟ මෙම කාන්තාව දුරකතනය හරහා සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බෞද්ධාලෝක මාවතේ කඳවුරේ පොලිස් සැරයන් ජයසේකර නැමැති නිලධාරියා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හොරොයි මිලිග්‍රෑම් 5450 ක් සහ ජංගම දුරකතනයද විශේෂකාර්ය බළකා නිලධාරීන්ගේ බාරයට ගෙන තිබේ.

எங்கள் பேஸ்புக் பக்கத்தை லைக் செய்யுங்கள்..!

හොරායින් ජාවාරමේ නියැලෙන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබුණු විශේෂ තොරතුරක් මත රත්මලාන ධර්මාරාම පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී හොරොයින් සමඟ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පාතාල සාමාජිකයකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන අය සමඟ දුරකතන හරහා සම්බන්ධ වෙමින් හෙරොයින් ජාවාරමක් සිදු කරගෙන ගොස් ඇතැයිද පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

සැකකාරිය ගල්කිස්ස පොලීසියට බාරදී ඇති අතර අද (05) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments are closed.