ශ‍්‍රී ලංකා රජයෙන් මරන්න හදනවා කියා යහපාලන තානාපති දෙදෙනෙක් විදේශයන්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලති..

ශ්‍රී ලංකා රජයෙන් තමන්ට මරණ තර්ජන ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටි තානාපතිවරුන් දෙදෙනෙකු එම රටවල දේශපාලන රැකවරණ ඉල්ලා තිබේ.

මෙසේ දේශපාලන රැකවරණ ඉල්ලා අත්තේ පැවති රජය යටතේ ඕස්ට්‍රේලියාවේ සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් ලෙස කටයුතු කළ අයයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය ආණ්ඩුව යටතේ ඒ බොරු චෝදනා කර අධිකරණය හමුවේ නඩු ගොනු කොට සිරගත කිරීමේ සැලසුමකට සම්බන්ධව වුවෙක් ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතා ඇති අතර අනෙක් තැනැත්තා ස්විට්සර්ලන්තයට යොමු කර සිටි තානාපති සේවයේ තානාපති නිලධාරියෙකි.

ඔහු කොළඹ සිට ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගියේ යයි කියූ සිදුවීමටත් සම්බන්ධ වී ඇත.

මෙම නිලධාරීන් දෙදෙනාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංක රජය විසින් දැනුම් දී ඇතත් ඔවුන් ඊට අවනත වී නොමැත.

Comments are closed.