වහාම තවත් මැතිවරණයක් ….

වසර ගණනාවක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බොහෝ දුරට එය ලබන ජනවාරි මාසයේ දී පමණ පැවැත්වීමට ඉඩ තිබේ.

එම මැතිවරණය මෙම වසරේම පැවැත්වීමට රජය බලාපොරොත්තු වුවද අය වැය ඉදිරිපත් කිරීමට මෙන්ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීමට තිබෙන නිසා එය ලබන වසර මුල දක්වා මුල දී පැවැත්වීමට අවධානය යොමු වී ඇත.

එමෙන්ම මෙම මැතිවරණය මෙයට පෙර පැවැත්වූ දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇති අතර ඒ සදහා මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කර ඇත.

Comments are closed.