දින 4ක් විවිධ ප්‍රදේශවලට විටින් විට විදුලිය නැතිවිය හැකියි ! නොරොච්චෝලේ බලාගාරය අක්‍රියයි.

ඊයේ (17) දිනයේ දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ස්වයංක්‍රිය සිසිලන පද්ධතියේ ඇතිවූ තත්වයක් නිසා මේ වනවිට එම බලාගාරයෙන් ජාතික පද්ධතියට විදුලිය එක්කිරීම සම්පූර්ණයෙන් නැවතී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

ඒ අනුව එම බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන මෙගාවොට් 810ක විදුලි ප්‍රමාණයක් මේ වනවිට අහිමි වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරයෙහි සිසිලන පද්ධතිය යථා තත්වයට පත්කර සම්පූර්ණ විදුලි නිෂ්පාදන ධාරිතාව ලබාගැනීම සඳහා දින 4කට ආසන්න කාලයක් ගතවනු ඇති බැවින් ඒ අතරතුර දිවයිනේ විවිධ ප්‍රදේශවලට විදුලිය සැපයීමේදී බාධා ඇතිවිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Comments are closed.