Phone එක නැතුවත් WhatsApp පාවිච්චි කරන්න ඉඩ ලැබෙන ක්‍රමයක්

ලොව පුරා අතිශය ජනප්‍රිය පණිවිඩ හුවමාරු මාධ්‍යයක් වන වට්ස්ඇප් මෘදුකාංගය, පණිවිඩ හුවමාරු ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට සූදානම් වනවා.

ඒ, දුරකථනයක් නොමැතිව පවා වට්ස්ඇප් පණිවිඩ යැවීමට සහ බැලීමට පහසුකම් සලසමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙවැනි අත්හදා බැලීමක් සිදුවන්නේ ලොව පළමුවරටයි.

මේවනවිට වට්ස්ඇප් ජංගම දුරකථන මෘදුකාංගය එක් වරකදී භාවිත කල හැක්කේ එක් උපාංගයකට පමණයි.

ඒ සඳහා ජංගම දුරකථනය ක්‍රියාත්මක වීම අනිවාර්යයි. වට්ස්ඇප් ජංගම දුරකථන මෘදුකාංගය මේවනවිට ද ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ටැබ් යන පරිගණක හරහා පණිවිඩ හුවමාරුවට සම්බන්ධ විය හැකියි. එහෙත් ඒ සඳහා ජංගම දුරකථනයක් උපයෝගී කර ගැනීම අනිවාර්යය වනවා.

එහෙත්, වට්ස්ඇප් හිමිකාරීත්වය මේවනවිට පරීක්ෂණ සිදුකරමින් සිටින්නේ ජංගම දුරකථනයේ බැටරිය අක්‍රීය වූ අවස්ථාවක වුවද අදාළ පරිගණක හරහා පණිවිඩ හුවමාරුවට පහසුකම් සැපයීමටයි.

ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ටැබ් යන පරිගණක ඇතුළු මාධ්‍ය 04 කට අධික සංඛ්‍යාවකට නව පහසුකම ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මේවනවිට ද මෙම ක්‍රමවේදය කුඩා කණ්ඩායමක් උපයෝගී කර ගනිමින් සාර්ථකව අත්හදා බලමින් සිටින බවයි.

මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි ලොවපුරා වට්ස්ඇප් පරිශීලකයින් බිලියන 2 ක් පමණ මීට සැලකිය යුතු කාලයක සිට විවිධ ඉල්ලීම් සිදුකරමින් තිබුණා.

කෙසේවෙතත්, ඇතැම් පරිගණක විශේෂඥයින් පවසන්නේ ජංගම දුරකථනයෙන් පමණක් ප්‍රවේශවීමට අවසර දී ඇති වට්ස්ඇප් වැනි මෘදුකාංගයකට මෙලෙස වෙනත් මාධ්‍ය හරහා ප්‍රවේශ විමට අවස්ථා සැලසීමෙන් එහි දත්ත වෙනත් පුද්ගලයෙකු අතට පත්වීමේ අනදානමක් ඇති බවයි.

වට්ස්ඇප් යනු 2015 වසරේදී ලොව වඩාත් ජනප්‍රියතම පණිවිඩ හුවමාරු ජංගම දුරකථන යෙදවුම බවට පත්වුණා.

2021 දී ලොව පුරා සිදුකරන දත්තවලට අනුව වට්ස්ඇප් පරිශිලකයින් සංඛ්‍යාව බිලියන 2 කට අධිකයි.