වාර්තාව හංගන්නේ ප්‍රහාරයට සම්බන්ධ වූ අය! අතේ ලේ තැවරුණු අය! සජිත් කතානායකගෙන් විවාදයට පෙර පාස්කු වාර්තාව ඉල්ලයි! VIDEO

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ දෙවැනි වෙළුමේ දෙවැනි හා තෙවැනි කොටස් පරිශීලනය කිරිමට විපක්ෂ නායකවරයා ලෙස ඉල්ලා සිටියත් එම ඉල්ලීම නොසලකා හරිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ලබා දුන් නියෝග වත්මන් රජය ද ක්‍රියාත්මක කරමින් එම කොටස් විපක්ෂ නායකවරයාට පවා පරිශීලනය කිරීමට අවස්ථාව නොදීම නිසා තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ සා විශාල මිනිස් ඝාතන සිදුවී ව්‍යවසන සිදුවී ජීවිත අහිමි වී අදටත් සත්‍ය යථාර්ථය රටේ බහුතරයක් නොදන්නා මොහොතක රටේ විපක්ෂ නායකවරයාට ඇති අයිතිය පවා මේ නිසා උල්ලංඝනය වී ඇති බවත් එම ලේඛන පරිශීලනය කළ හැක්කේ මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ යැයි කීම අසාධාරන බවත් තවදුරටත් සාක්ෂි සටහන් හා සාක්ෂි විමසීම් මහජන නියෝජිතයන්ගෙන් හංගන්නේ නැතිව සත්‍ය හෙළිදරව් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඇති විවාදයට පෙර එම කොටස් කියැවීමට හා ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් එසේ නොකළහොත් හා සඟවා තිබුනොත් එය හංගන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අතේ ලේ තැවරුණු අය ලෙස හදුන්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් අවධාරනය කළේය.

ගෝඨාභය රජය දුන් නියෝග මේ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම වැරදි බවත් එම වාර්තා පාර්ලිමේන්තුවේ 225 දෙනාටම සැගවීම නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.