කිසිඳු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාව සුගතදාස ක්‍රීඩාංගණයට එන්න : මධ්‍යස්ථාන වෙත යා නොහැකි අයට ගෙදරදීම එන්නත

කිසිඳු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාව සුගතදාස ක්‍රීඩාංගණයට එන්න – පොලීසියෙන් ඉල්ලීමක්

කිසිඳු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ නගරයේ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස පොලීසිය කොළඹ නගරයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මධ්‍යස්ථාන වෙත යා නොහැකි අයට ගෙදරදීම එන්නත

එන්නත්කරණය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු විය නොහැකි පුද්ගලයින් සඳහා නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට පියවර ගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

මෙතෙක් එන්නත්කරණයට ලක්ව නොමැති එවැනි පිරිස් එන්නත් කරන්නැයි, සියලු ප්‍රාදේශිය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.