යොහානි මැණිකේට රාජ්‍ය සම්මානයක්!

“මැණිකේ මගේ” ගීතයෙන් ලෝකයේම කතාබහට ලක්ව සිටින ජනප්‍රිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රාජ්‍ය සම්මානයක් ලබාදී ගෞරවය පුද කිරීමට කටයුතු කරන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට රජය ගෞරවය පුද කරන බවද කලාකරුවන්ට එවැනි සම්මාන දීමට පමණක් සීමා නොවී ජීවිතය පුරා කලා ක්ෂේත්‍රයේ අභිමානයෙන් කටයුතු කිරීමට පදනම වැටෙන වැඩපිළිවෙළක්ද අරඹන බවද වික්‍රමනායක මහතා පැවැසුවේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු ඇගයීමක් සිදුකර නැතැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසීය.