ටෙන්ඩුල්කාර්-අම්බානි ඇතුලු ඉන්දියාවේ 300ක් පැන්ඩෝරා දැලේ පැටලිලා!

ඉන්දියාවේ ප්‍රකට චරිත වන සචින් ටෙන්ඩුල්කාර් සහ අනිල් අම්බානි ඇතුලු ප්‍රධාන පෙළේ පුද්ගලයන් 300කට අධික සංඛ්‍යාවක් රහස් වත්කම් සහිත බව පැන්ඩෝරා පේපර්ස් මගින් අනාවරණය කොට තිබේ.

මේ හෙළිදරව්ව හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ මහත් කැළඹීමක් මතුවෙමින් ඇති බවද දැනගන්නට තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත් තවමත් අදාළ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කොට නොමැති බවද ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇත.