එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම : ලකුණු 184ක දැවැන්ත ජයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 184කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලියද 2-1ක් ලෙස ජයග්‍රහණය කළේය.

පල්ලෙකැලේ පිටියේ දිවා-රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරීමට තීරණය කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළදී කඩුල් 9ට ලකුනු 254ක් (පැතුම් නිශ්ශංක 55/කුසල් මෙන්ඩිස් 36/ චරිත් අසලංක 52/චාමික කරුණාරත්න 30/රමේෂ් මෙන්ඩිස් 26/ රිචඩ් න්ගාරවා 46-2) රැස්කිරීමට සමත්විය.

ලකුනු 255ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 24.4 කදි රැස්කළ හැකිවූයේ 70ක් ( ටී. කයිටානෝ 19/රයන් බුර්ල් 15/ වැන්ඩසේ 10-4/දුෂ්මන්ත චමීර 20-2/රමේෂ් මෙන්ඩිස් 26-2) පමණි.

තරගයේ වීරයා ලෙස චරිත් අසලංක සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස පැතුම් නිස්ශංක සම්මාන ලැබීය.