ෂේන් වෝන් මියගිය කාමරයෙ ලේ පැල්ලම්

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් මියගිය තායිලන්තයේ ඔහු සිටි කාමරයේ තිබී හමුවු රුධිර පැල්ලම් කිහිපයක් සම්බන්ධයෙන් තායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පොලිසිය සදහන් කර ඇත්තේ වෝන්ගේ ඇඳ අසල පොළවේ ස්ථාන දෙකක මෙන්ම තුවා තුනක සහ කොට්ටයක තිබී රුධිර පැල්ලම් සොයාගත් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එක් තුවායක ඔහුගේ වමනය ද දක්නට තිබූ බව ද සදහන් වේ.

එමෙන්ම සිහිසුන්ව ඔහු බිම වැටි සිටියදී කෘත්‍රිම ශ්වසනය ලබාදුන් අවස්ථාවේදීත් ඔහුගේ මුවෙන් රුධිරය ගලාගිය බවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ශේන් වෝන් ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැක කටයුතු යමක් නැතැයි තායි පොලිසිය ඊයේ දිනයේදී නිවේදනය කර තිබිණි.

වෝන්ගේ සිරුර ඉරිදා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙනගොස් ඇත.

තායිලන්ත පොලිසිය මරණයට හේතුව පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ නමුත් එය සැක සහිත ලෙස නොසලකන බවද සදහන් කර තිබේ.

මේ අතර, වෝන්ට ඇදුම සහ හෘද රෝග පිළිබඳ ඉතිහාසයක් තිබූ බවත් ඔහු මෑතක දී “ඔහු හෘදය සම්බන්ධව ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු හමුවී ඇති බවත්” තායි පොලිසිය තහවුරු කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘතදේහය ඔස්ට්‍රේලියාවට රැගෙන යෑමට නියමිතය. වෝන්ගේ පවුලේ අය රාජ්‍ය අවමංගල්‍යයක් සඳහා වූ යෝජනාව පිළිගෙන ඇති බව ද සදහන් වේ.

වෝන්ගේ අවසන් කටයුතු සිදු වන්නේ ඔහුගේ උපන්බිම වන වික්ටෝරියා ප්‍රාන්තයේදී ය.