ආණ්ඩුවේ ස්වාධීන වූ 41ම අද උදේ සජිත් හමුවෙයි! විශ්වාසභංගයද-දෝෂාභියෝගයද? අවසන් තීන්දුව ගන්න සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස් කරයි

ජනාධිපතිගේ බලය කපන්න සජබෙ අන්තිම තීන්දුව ගනී! යෝජනාව අරගෙන සජිත් අද 5ට පක්ෂ නායකයන් හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සමගි ජන බලවේගයේ රැස්වීමේදී ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ආණ්ඩුව එම යෝජනාවට එකග වන්නේ නම් පමණක් අන්තර්වාර ආණ්ඩුවකට සහාය පළ කිරීමටද මෙහිදී තීන්දු කොට තිබේ.

ඒ අනුව මෙම යෝජනාව රැගෙන විපක්ෂනායකවරයා අද සවස සියලුම පක්ෂ නායකයන් හමුවීමට සැලසුම් කොට ඇත.

මෙම සාකච්ජාව අද සවස 5ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේදී පැවැත්වීමට තීන්දු කර ඇත.

ඊට ශ්‍රීලනිප පාර්ශ්වයද, විමල් වීරවංශ මහතාගේ පාර්ශ්වයද, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ පාර්ශ්වයද සහභාගී වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.