අරගලය පාවාදුන් විජයදාසගේ සහ රනිල්ගේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය, ජනපති නතර කරයි

සිය සහෝදරයා වන බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශපාලනයෙන් ඉවත් කිරීම සදහා ඇමැති මණ්ඩලයට හෙට (23)දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ 21 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව නතර කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ඇමැතිවරුන් අතර අද පැවති සාකච්චාවකදී මෙම තීන්දුව ගෙන ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

21 වන සංශෝධනය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.

තවද, එම යෝජනාව අධ්‍යනය කිරීම සදහා හිටපු අධිකරණ ඇමැති අලි සබ්රිට යොමු කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන්වීමෙන් පසු එම සංශෝධන ක්‍රියාත්මක කිරීමටද ඇමැතිවරු යෝජනා කර ඇත.

එහෙත් අධිකරණය ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි ආකාරයට මෙම ව්‍යවස්ථාව සංශෝධනය ගෙන එන බවය. එය හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය