ව්‍යාජ පුවත් සමාජයට මුදා නොහරින්න : ජැක්සන්ගේ දුව

අනතුරක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සිය පියා වී ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් දියණිය වූ මාධවී වත්සලා ෆේස්බුක් පණිවුඩයත් තබා තිබේ.

ඉන් ඇය සදහන් කොට ඇත්තේ ව්‍යාජ පුවත්ය සමාජයට මුදා නොහරින ලෙසය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මීට හේතු වී ඇත්තේ ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් අද සවස විවිධ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමය.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ ජාල වල පළවන පුවත අසත්‍යයක් බව ඒ මහතාගේ පුතුන් වන අකිල ධනුද්දර, සජිත අනුත්තර හා දියණිය වන මාධවී වත්සලා පවසයි.

තම සමාජ ජාල ගිණුම්වල සටහන් තබමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

පසුගිය මස ජූලි 2 වන දා අනුරාධපුරල තලාවල ප්‍රදේශයේදී ජාක්සන් ඇන්තනී මහතා ගමන් ගත් වාහනය වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක් වූ අතර ඉන් තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී.

එහිදී සිදු කරන ලද සැත්කමකින් පසු තව දුරටත් ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියි.