ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරවදයි… කඩුළු 06ක විශිෂ්ට ජයක්…

විශිෂ්ට පන්දු යැවීමක යෙදුනු නවක ශ්‍රී ලංකා වේග පන්දු යවන්නාවූ දිල්ෂාන් මධුසංඛ ලකුණු 24කට කඩුළු 03ක් දවා ගත්තේය. විරාට් කෝලි ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටී දැවී ගියේය. චාමික කරුණාරත්න ලකුණු 29කට කඩුළු 02ක් ලැබීය. දසුන් ශානක ලකුණු 26ට කඩුලු 02ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 29කට කඩුල්ලක් දවා ගත්තේය.

ලකුණු 174 ඉලක්කය හඹා යන්නට පිටියට පැමිණි ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක විශිෂ්ට පිතිකරණයක යෙදුනහ. කුසල් පන්දු 37ක දී ලකුනු 57ක් රැස් කළේය. ඊට හතරේ පහර 04ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පැතුම් නිශ්ශංක පන්දු 37ක දී ලකුණු 52ක් ලැබුවේය. ඒ හතරේ පහර 04ක් හා හයේ පහර 02ක් සමගිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳවැටුනේ ලකුණු 97ක් තිබිය දී ය. පැතුම් නිශ්ශංක11 වැනි ඕවරයේ පළමු පන්දුවේ දී යුස්වේන්ද්‍ර චහාල්ට ගේ පන්දුවකට බැක්වර්ඩ් පොයින්ට් හි පන්දු රැකි රෝහිත් ෂර්මා අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

එතැන් සිට ඉන්දීය ක්‍රීඩකයෝ තියුණු ලෙස තරගයට අවතීරීන වූහ. ඔවුන් අතින් ගිලිහී ගිය බව හැඟුණු තරගය යළි තියුණු ලෙස තම ග්‍රහණයට ගැනීමට ඔවුුහු සමත් වූහ. යලිත් චරිත් අසලංක අසමත් විය. චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගියේය. ඔහුගේ කඩුල්ලත් දවා ගත්තේ චහාල්ය. ලකුණු 97ට කඩුළු 02ක් සටහන් විය.

ඉන් අනතුරුව පිටියට පැමිණි ධනුෂ්ක ගුණතිලක ලබා ගත්තේ එක් ලකුණකි. ඒ 13 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී . රවිචන්ද්‍ර අශ්වින් ඉදිරියේ එල්.කේ රාහුල්ට උඩපන්දුවක් ලබා දී ඔහු එක් ලකුණකට දැවී යන විට ලකුණු පුවරුව ලකුණු 110කි.

ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ සුබ ලකුණු පෙන්නූ කුසල් මෙන්ඩිස් සිව්වන කඩුල්ල ලෙස දැවී යළිත් චහාල්ට ගොදුරු විය. දැන් ලකුණු 110ට කඩුළු 04කි. පන්දු 18ක් තුළ ලකුණු 13කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 04ක් බිඳ වැටිනි.

පෙනුනේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම අතේ බවය. තවත් කඩුල්ලක හෝ දෙකක දුරින් ඔවුන්ගේ ජයග්‍රහණය තිබුණු බව පෙනුනි.

එහෙත් නායක දසුන් ශානක පීඩනය තමන් වෙත ගත්තේය. ඔහුට භානුක රාජපක්ෂ එක් විය. භානුක සහ ශානක ලකුණු 64ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

දසුන් පන්දු 18ක් තුළ ලකුණු 33ක් රැස් කළේය. ඊට හයේ පහරක් සහ හතරේ පහර 04ක් ඇතුළත් විය. භානුක පන්දු 17ක් තුළ ලකුණු 25ක් රැස් කළේය. ඊට හයේ පහර දෙකක් ඇතුළත් විය.

තරගයේ වීරයා දසුන් ශානක ය.

ශ්‍රී ලංකාව සුපිරි වටයේ අපරාජිතව පසුවේ. ඉන්දියාව මුහුණ දුන් තරගත දෙකම පරාජයට පත් වී ඇත. ඉන්දියානු කණ්ඩායම මේ වනවිට අවසන් මහා තරගයට පැමිණීමේ අවදානමකය.