තර්ජනී සමුගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන දේ ගැන හිතාගන්නවත් බෑ… : හයසින්ත් විජේසිංහ

තර්ජනී ශිවලිංගම් ඉදිරි කාලයත් සමග අපෙන් සමු ගතහොත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට සිදුවන දේ සිතාගත නොහැකි බව ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය වූ හයසින්ත් විජේසිංහ පැවසුවාය.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ වනතුරුත් දෙවන පෙළ දැල්පන්දු කණ්ඩායමක් හැදී නැති බවය.

“මම මේ පිළිබඳව දැල් පන්දු ෆෙඩරේෂනයේ සභාපති ලක්මි වික්ටෝරියා සමග ද දීර්ඝ වශයෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡා කළා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ කණ්ඩායම ගැන මා කිවයුතුමයි. 2005 වසරෙන් පසුව මට හමුවූ හොඳම සහ කීකරුම කණ්ඩායම වුනේ මේ කණ්ඩායමයි. මෙම කණ්ඩායම වේගය අතින් ඉතා උසස් මට්ටමක සිටියා. අප ලෝක කුසලාන තරගයට සහභාගීවීමේ අභිලාෂය තමයි ඒ අත්දැකීම ලබා ගැනීම. යථාර්ථය නම් ලෝක කුසලානයක් තෙක් යෑම අපට පහසු නෑ. මේ කණ්ඩායමේ ඉන්නෙ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පිරිසක්. තර්ජනීත් බොහෝ විට ඊලග අවුරුද්දෙ සමුගනී. තර්ජනී එක්ක අපි ලෝක කුසලානයට යනවා නම් ඒක අපට විශාලම වාසියක්.

එහෙම නැතිනම් අපේ ඉලක්කය විය යුත්තේ යෞවන කණ්ඩායමක් සමග ලෝක කුසලානයට තරග කර එම අත්දැකීම ඔවුන්ට ලබා දී ලබන අවුරුද්දෙ ආසියානු කුසලානය දිනා ගැනීම සඳහා සැලසුම් කිරීමයි.

ඇය වැඩිදුරටත් පැවසුවාය .

– කීර්ති ප්‍රනාන්දු