ඕස්ට්‍රේලියාවේදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ! (Video)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) ඔහුව එරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අප කල විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ බව සනාථ කළ අතර, කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට සති තුනකට පෙර ඇති වූ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට අශේන් බණ්ඩාර කැඳවූ අතර, ඔහුව ශ්‍රී ලංකාවට නොඑවා සංචිතයේ තබා ගැනීමටයි ක්‍රිකට් බලධාරින් කටයුතු කළේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට පිටත් වුණා.

වාර්තා වන පරිදි, ධනුෂ්ක ගුණතිලකට අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් එල්ල වී තිබෙනවා.

සමාජ ජාලා ඇප් එකක් (Dating APP) හරහා මුණගැසුණු 29 හැවිරිදි කාන්තාවක්, ධනුෂ්ක තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කර තිබේ.

(අද) ඉරිදා අලුයම 1 ට පමණ සසෙක්ස් වීදියේ හෝටලයකදී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කළේය.

මේ සම්බන්ධව ප්‍රාන්ත පොලිසියේ ලිංගික අපරාධ අංශය සහ නැගෙනහිර පොලිස් රහස් විමර්ශන ඒකකය ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කළහ.
ඔහු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නියමිත පරිදි ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ කොළඹ බලා පිටත්ව ගියේය.