“ගජමෑන්” චිත්‍රපටයට මිලියන 300ක ආදායම​ක් !

වාර්තා පිට වාර්තා තබමින් තිරගත වෙන ගජමෑන් චිත්‍රපටියේ ආදායම රුපියල් මිලියන 300 ඉක්මවලා තිබෙනවා. මේ අනුව මිලියන 300 ක ආදායමක් ලබාගත් එකම ශ්‍රී ලාංකීය චිත්‍රපටියට හිමි වාර්තාවත් ගජමෑන් චිත්‍රපටියට හිමි වෙනවා.

තිරගත කිරීම් ආරම්භ වී දින 30ක් වැනි ඉතා කෙටි කාලයකදී තමයි ගජමෑන් චිත්‍රපටිය මෙම කඩයිම පසු කර තිබෙන්නේ. මේ වනවිට සම්පූර්ණ ආදායම ශ්‍රී ලංකාවෙන් ලක්ශ 2025ක් ද වෙනත් රටවල් වලින් ලක්ශ 975ක් ද ලෙසයි සටහන් වන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව මෙහි අධ්‍යක්ශක චානක පෙරේරා මහතා විසින් සඳහන් කළ පරිදි චිත්‍රපටයෙන් අපේක්ෂිත ලාභය මේ වන විට ලබාගැනීමට සමත් වී තිබෙනවා.

මෙලෙස ආදායම් වාර්තා පිට වාර්තා තබන ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය “ගජමෑන්” ලීක් වුණ පරණ කොපි වලින් නැතුව තවමත් ඔබ සිනමා හලකට ගොස් නැරඹුවේ නැති නම් ඉක්මනින්ම ඔබේ ළගම පිහිටි 3D සිනමා ශාලාවෙන් මෙය නරඹන ලෙසත් අප මතක කර සිටිනවා.