රාජකීය – ශාන්ත තෝමස් මහා තරගය : රාජකීය කණ්ඩායමට තවත් විශිෂ්ඨ ජයක්

රාජකීය කණ්ඩායම තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගත්තේය. ඒ අද එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවති රාජකීය – ශාන්ත තෝමස් 46වන එක් දින මහා තරගය කඩුළු 07කින් ජයග්‍රහණය කරමිනි.

අද උදේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තේරූ ශාන්ත තෝමස් පිළ මුළුමනින්ම අසමත් වූයේය. රාජකීය පන්දු යන්නෝ ශාන්ත තෝමස් කණ්ඩායම නිරුත්තර කළහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශාන්ත තෝමස් පිල වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු සේනාධි බුලන්කුලමය. සේනාධි ලකුණු 66ක් ලැබුවේය. හතරේ පහර 06ක් එල්ල කළේය. එක පිට එක කඩුළු බිඳ වැටෙද්දී එක අන්තයක් ආරක්ෂා කරගනිමින් ඔහු පන්දු 133කට මුහුණ දුන්නේය. එහෙත් ඔහුට සටන් සගයෙක් ඉතිරී වූයේ නැත.

මැදපෙළ පිතිකරු මහිත් පෙරේරා පන්දු 37ක දී ලකුණු 28ක් ලැබුවේය. අකාශ් ප්‍රනාන්දු සහ සෙනෙත් හෙට්ටිආරච්චි ලකුණු 12 බැගින් ලැබූහ.

අනෙක් එකම ක්‍රීඩකයෙක්වත් ලකුනු 10 සීමාව ඉක්මවන්නට රාජකීය පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.

පන්දු ඕවර 148.2 ක දී සියල්ලන්ම දැවී ශාන්ත තෝමස් කණ්ඩායම රැස් කළේ ලකුණු 165ක් පමණි.

සියලුම රාජකීය පන්දු යවන්නෝ අගපත් පන්දු යැවීමක යෙදුනහ. බුලන් වීරතුංග ඕවර 08ක් යවා ලකුණු 24කට කඩුළු 02ක් ලැබුවේය. අනුෂ් පොලොන්නෝවිට ඕවර 10ක් යවා ලකුණු 23කට කඩුල්ලක් ලැබුවේය. සන්දේෂ් රාමනායක ඕවර 08ක් යවා ලකුණු 34කට කඩුළු 02ක්, නායක දසිස් මංචනායක පන්දු ඕවර 9.2ක් යවා කුණු 25කට කඩුළු 2ක් ලැබුවේය.

රනුක මලවිආරච්චි, රමිරු පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි රාජකීය පිතිකරුවන්ගෙන් ශාන්ත තෝමස් පන්දු යවන්නන්ට ලැබුනේ දැවැන්ත ප්‍රහාරයකි.

ආරම්භක පිිතිකරු යුගලයෙන් අයෙක් වූ රෙහාන් පීරිස් හතරේ පහර 7ක් සහ එක් 06 පහරක් සමගින් පන්දු 107ක දී නොදැවී ලකුණු 69ක් ලැබුවේය.

උවිදු වීරසේකර පන්දු 68ක දී ලකුණු 50ක් වාර්තා කලේ හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් සමගිනි.

මහා තරගයේ දී රාජකීය පිලට ස්වර්ණමය ජයග්‍රහණයක පදනම දැමූ මැද පෙළ පිතිකරු,, රාජකීය නායක දසිස් මංචනායක පන්දු 28ක් තුළ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 26ක් වාර්තා කළේය.

ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ආකාශ් ප්‍රනාන්දු සහ අශේන් පෙරේරා කඩුල්ල බැගින් වාර්තා කළහ.