ජර්මානු බසින් , ජර්මානු පාර්ලිමේන්තුව අමතමින් ඉතිහාසය අලුත් කළ චාල්ස් රජු ! (Videos)

තුන් වැනි චාල්ස් රජු විසින් අද ජර්මානු බුන්ඩස්ටැගය හෙවත් ෆෙඩරල් පාර්ලිමේන්තුව ඇමතුවා.

එවැන්නක් සිදු කළ පළමු බ්‍රිතාන්‍ය රජ ඔහු බවට පත් වුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වන විට ලෝ පුරාම මාධ්‍ය ඇස් යොමුව තිබෙන කාරණාව නම් එහි දී චාල්ස් රජු විසින් කළ දේශනය සම්පූර්ණයෙන් ම ජර්මානු බසින් සිදු කිරීමයි.

රජුගේ කතාවේදී තම මව් රාජිනිය ජර්මනිය කෙරෙහි දැක් වූ ආදරයත් ඇගේ අභාවය සමග ජර්මානු වැසියන්ගේ උපහාර ඇය වෙත ලැබුණු ආකාරය ද විස්තර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.