ඇමෙරිකා යානය කඩාවැටීම නිසා තායිවාන F-16 බිමට බසී

තායිවානයේ ගුවන් පුහුණු මෙහෙයුමකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කළ F-16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමත් සමග තායිවානය සතු එම වර්ගයේ 140ක් පමණ වන සියලු ජෙට් යානා ගොඩබැස්වීමට තීරණය කර තිබේ.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ පැසිෆික් සාගරයට ඉහළින් පියාසර කරමින් තිබියදී එක් නියමුවෙකු සහිත F-16 යානය රේඩාර් තිරයෙන් අතුරුදන් විය. තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ හුවාලියන් ගුවන් කඳවුරෙන් පිටත් වී මිනිත්තු දෙකකට පසුව එම යානය මෙසේ අතුරුදන්ව ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජෙට් යානයේ නියමුවා වන කර්නල් චියැං චෙං-චි සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වෙමින් පවතින බව තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න්ගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.