සයිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ආර්.එම්.පාකර්ස් තෙල් සමාගම් ජූනි සිට ලංකාවේ …

මේ වසරේ ජූනි මාසයේ සිට ඉන්ධන මෙහෙයුම් ඇරඹීට මෙරට ඉන්ධන වෙළෙඳපලට ඇතුළු වූ සයිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ආර්.එම්.පාකර්ස් තෙල් සමාගම් 03, කටයුතු කරනු ඇතැයි විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

ඉදිරි මාස දෙක තුළ අදාල ගිවිසුම් අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් ආරම්භ කරන මෙම සමාගම්වලට උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් මෙරට තුළ ඉන්ධන අලෙවි කිරීමේ අවකාශය ලැබෙනු ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

චීනයේ – සයිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ – යුනයිටඩ් පෙට්‍රෝලියම්, සහ ඇමරිකාවේ – ආර්.එම්. පාර්ක්ස් යන සමාගම් සඳහා වසර 20 ක කාලයකට බලපැවැත්වෙන පරිදි මෙරටට ඉන්ධන ආනයනය කිරිමට, ගබඩා කිරීමට හා බෙදා හැරීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිනි.