චීනය රිලවුන් ඉල්ලන්නේ මොලය කන්න:ඇමරිකාව ඉල්ලන්නේ විද්‍යාගාර පරීක්‍ෂණවලට – පරිසරවේදී නයනක රන්වැල්ල

රිලව් පණපිටින් සිටියදීම මොළය ආහාරයට ගන්නා මිල අධික ආහාර වට්ටෝරුවක් චීන ආපන ශාලාවල ඇති බවත් මෙරට රිලවුන් චීනයට යැවීමට සූදානම් වන්නේ ඒ සඳහා යයි සිතිය හැකි බවත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා සඳහන් කරයි.

එමෙන්ම බොහෝ ඖෂධ වර්ග අවසාන අදියරේ පරීක්ෂණ සඳහා රිලවුන් භාවිතා කරමින් සිටින බවත් එනිසා රිලවුන් ලක්ෂයක් වැනි ප්‍රමාණයක් ලබා ගැනීමේ කාරණාව පිටුපස එම උවමනාවද ඇතැයි සිතිය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇමරිකාවෙන් ද රිලවුන් සඳහා ඉල්ලීමක් ලැබී ඇති බවත් ස්ථිර වශයෙන්ම එම ඉල්ලීම් ලැබී ඇත්තේ විද්‍යාගාර පරීක්ෂණ සඳහා බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් එවන් කාරණා සඳහා රිළවුන් අපනයනය කිරීමේ කිසිදු අවස්ථාවක් ශ්‍රී ලංකාවේ නීති අනුව නොමැති බවද පැවසූ ඔහු ලංකාවට ආවේණික රිලව් යන සත්ත්ව කාණ්ඩ අපනයනය නොකර මෙම තීන්දුව ගැනීමට උත්සාහ කරන දේශපාලයන් අපනයනය කළ යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.