හදවත් සැත්කම් කිරීමට සිටින දරුවන්ට සුබ පණිවිඩයක්!

හදවත් සැත්කම් කිරීමට සිටින දරුවන් 75ක් සැත්කම් සඳහා ඉන්දියාවට යැවීමට සූදානම්…

 

හදවත් සැත්කම් කිරීමට නියමිත දරුවන් 75 දෙනකු සඳහා නොමිලයේ සැත්කම් කර ගැනීමේ අවස්ථාවක් හිමිව ඇතැයි කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහල පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ව්‍යාපෘතිය රොටරි සමාජය (බටහිර කොළඹ) සමග එක්ව සිදු කරන බවත් ඒ සඳහා රොටරි සමාජය (බටහිර කොළඹ) විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් සිදු කිරීමට නියමිත බවත් රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි.

මෙරටදී කළ හැකි සැත්කම් තිබේ නම් ඒවාත් දරුවන් ඉන්දියාවට ගෙන ගොස් සැත්කම් කිරීමට අවශ්‍යය නම් ඊට අවස්ථාවත් මේ මගින් සලසා දීමටත් නියමිතය.

ඒ අනුව එවැනි රෝගීන් සිටී නම් කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ සායනික අංකය සහිතව ඒ සඳහා දැනුම්දිය හැකි බවත් රිච්වේ ආර්යා ළමා රෝහලේ සායන සදහා සම්බන්ධ නොවන රෝගීන් සිටී නම් ඔවුන්ගේ තත්ත්වය අනුව ඊට අවස්ථා ලබා දීමට නියමිත බවත් වාර්තා වේ.

මෙම ව්‍යාෘතිය මැයි මස මුල සිට ආරම්භ කිරීමට නියමිත බව රොටරි සමාජය (බටහිර කොළඹ) ශල්‍ය සම්බන්ධීකාරක ආචාර්ය අරවින්ද දිසානායක පැවසීය.