ප්‍රභාත් ජයසූරිය ගෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් සමත්විය.

ඒ මේ වන විට ගාල්ලේදී පැවැත්වෙන අයර්ලන්තය සමග වන ටෙස්ට් තරගයේදී කඩුල්ලක් දවා ගැනීමත් සමගයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ප්‍රභාත් ජයසූරිය කඩුලු 50ක් දවාගැනීමට වැයකර ඇත්තේ ටෙස්ට් තරග 7ක් පමණි.

මේ අතර එම ටෙස්ට් තරග 7 තුළ ඉනිම 11ක පන්දු යවමින් ප්‍රභාත් ජයසූරිය මෙම කඩුලු 50 දවාගැනීමට සමත්විය.

ඒ අනුව අඩුම ඉනිම සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සමකිරීමට ද ප්‍රභාත් සමත්වීම විශේෂත්වයකි.