රනිල් ගහපු IMF ගිවිසුම සජබ ආණ්ඩුවක් ආපු හැටි සංශෝධනය කරනවා! : මැයි දිනයේදී සජිත්

රනිල් ගහපු IMF ගිවිසුම සජබ ආණ්ඩුවක් ආපු හැටි සංශෝධනය කරනවා! සජිත් මැයි දිනයේදී රටට ප්‍රතිඥාවක් දෙයි !

ඉදිරි සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු මේ බව සඳහන් කළේ පැවති සමගි ජන බලවේගයේ මැයි රැලිය අමතමිනි.

“වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන නමින් සමගි ජන බලවේගයේ මැයි පෙළපාලිය මාලිගාවාත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් අද දහවල් ආරම්භ කෙරුණි.

ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වුණේ එල්ෆින්ස්ටන් රඟහල අසලදීය.

අනතුරුව පෙළපාළිය ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනය වෙත පැමිණ සමගි මැයි රැළිය පැවැත්විය.

රැලිය පැවැත්වෙන අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට එක්විය