චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති රනිල් ලන්ඩන් යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) අලුයම බ්‍රිතාන්‍යය බලා පිටත් විය. සෙනසුරාදා (06) ට යෙදී තිබෙන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට ආරාධනා ලැබ සිටින ජනාධිපතිවරයා එ සඳහා සහභාගී වීමට මෙසේ පිටත්ව ගියේය.

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වෙන මෙම උත්සවයට රාජ්‍ය නායකයන් රැසක් සහභාගී වන අතර ජනාධිපති වික්‍රමසිංහ මහතාද මේ අතර වේ. මෙම උත්සවයට පෙර දින එනම් හෙට (05) ජනාධිපති වික්‍රමසිංහ විසින් පොදු රාජ්‍ය මණ්ඩලය හරහා බ්‍රිතාන්‍ය රජුට කළ යොජනාවකට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ හමුවක් පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ජනාධිපති වික්‍රමසිංහ මේ සඳහාද සහභාගී වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.ජනාධිපතිවරයා සමඟ අට දෙනකුගේ කණ්ඩායම් බ්‍රිතන්‍ය සංචාරයට සහභගී වෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!