මීටර් 800 ඉසව්ව නියෝජනය කරන ගයන්තිකා අබේරත්න ජපානයේදී යළිත් එකට

මීටර් 800 ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ජපානයේදී පිට පිට දෙවැනි වරටත් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

ඊයේ ජපානයේ ඔසාකාහිදී 10 වැනි කිනාමි මිචිටකා අනුස්මරණ මලල ක්‍රීඩා තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා නාවිකා හමුදාවේ ක්‍රීඩිකාවක වන ගයන්තිකා සිය ඉසව්වේදී මිනිත්තු 2:04.26ක කාලයක් වාර්තා කළාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ ඉසව්ව අදියර තුනක් යටතේ පැවති අතර ගයන්තිකා තරග කළේ තෙවැනි අදියරෙනි. කෙසේ වෙතත් අදියර තුන අවසානයේ වේගවත්ම කාලයේ වාර්තා ගයන්තිකා සතු වූ බැවින් ප්‍රථම ස්ථානයට ඇයට හිමි වූවාය.

මින් පෙර මේ සංචාරයේදී ශිසුඔකා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියට එක් වූ ඇය එහිදී ප්‍රථම ස්ථානයට පත් වූ අතර, එම තරගාවලියේදී ඇය මිනිත්තු 2:04.35ක කාලයක් වාර්තා කර තිබිණි.

ගයන්තිකා මීටර් 800 කාන්තා ඉසව්වේ ජාතික වාර්තාට ද හිමිකම් කියන අතර, ඇයගේ හොඳම කාලය ලෙස විනාඩි 2යි තත්පර 1යි දශම 2ක කාලයක් සටහන් වෙයි.