දුම්රිය වර්ජනයෙන් මගීන්ට ගජ වාසියක්..

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු (10) දින සම්පුර්ණයෙන්ම ඇණහිට සිටියදි , කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ දුම්රිය ධාවනය කරනු ලැබුහ.

එසේ ධාවනය කල පොඩි මැණිකේ දුම්රිය සැම දුම්රිය ස්ථානයකම නතර කල අතර, එම දුම්රියෙන් ගමන් ගන්නා මගින්ට දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකල නිසා දුම්රිය මගින් පොඩි මැණිකේ දුම්රියෙන් නොමිලේ සිය ගමනාන්තය දක්වා ගමන් කලහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොඩි මැණිකේ දුම්රිය නතර කල සැම දුම්රිය ස්ථානයකම දුම්රිය ස්ථානාධිපතිවරුන් ලබාදෙනු ලබන දුම්රිය ටැබ්ලටය නොමැතිව පොඩි මැණිකේ දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කිරිමට දුම්රිය රියදුරන් පියවර ගැණින.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් ගණනාවක් ධාවනය නොවු නිසා පොඩි මැණිකේ දුම්රියෙන් ගමන් කිරිමට විදේශිය සංචාරකයන් ඇතුළු දේශිය මගින් විශාල පිරිසක් පැමිණ සිටිහ.