පහර දුන් මැරයන්ට ඇප ගත හැකි නෛතික පරිසරය හදන්න , ප්‍රියත් නිකේශල අත්අඩංගුවට

මැර ප්‍රහාරයකට ලක් වූ අරගලයේ ක්‍රියාකාරීයෙක් ලෙස සිටි පියත් නිකේශල අත්අඩංගුවට ගැනීම, ඔහුට පහර දුන් දේශපාලන චරිතයට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් ගත් පියවරක් බවත්, මෙම සිද්ධිය දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක් බවට අධිකරණය ඉදිරියේ ඔප්පු කර පෙන්වීමට උත්සාහ කිරීම සඳහා පියත් අත්අඩංගුවට ගත් බවට පෙනී යන බවත් නීතිඥ නුවන් බෝපගේ පැවසීය.

නීතිඥවරයා මෙසේදී කීවේය…..
“අපරායක් සිදු වූ පසුව සිදුවන කාර්ය පටිපාටිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් වන ආකාරයට අපරාධය පිළිබඳ අධිකරණයට සෑහීමකට පත් වන කරුණු බී වාර්තාවක් මඟින් 115, 116 වගන්තිවලට අනුව යොමු කළ යුතුයි. එම පුද්ගලයා අතින් අපරාධයක් සිදු වෙලාද කියන එක ඒ අනුව අධිකරණය සෑහීමකට පත් විය යුතුයි.”

“මෙහිදි පියත් නිකේෂල පහර දීමක් කළ බවට කිසිදු වාර්තාවකුත් නෑ, පහර දීමට අදාළව වීඩියෝ දර්ශනවල තිබෙන්නේ පියත් නිකේෂල යන වාහනය හරස් කොට නතර කර ඔහුට පහර දුන් අයුරුයි. පහර දුන් පාර්ශ්වය විසින් පහර දීම සිදු කොට පැය ගණනකට පසුව සිදු කරන ලද පැමිණිල්ල හැර පියත් නිකේෂල පහරදුන් බවට කිසිදු සාක්ෂිකයක් නොමැති තත්ත්වයක් තුළ පොලිසියට බැලු බැල්මටම බී වාර්තාවක් දාලා චෝදනාවක් නැඟීමේ හැකියාවක් නෑ.”

“පොලිසිය බොරු සාක්ෂි, බොරු බී වාර්තා දැම්මහොත් සැකකරුවන් නිදොස්කොට නිදහස් කිරීමේ බලය අපරාධ නඩු සංග්‍රහයේ 186 වගන්තියෙන් මහෙස්ත්‍රාත්වරයාට දී තිබෙනවා. ඒ සඳහා කරුණු අධිකරණයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතනින් එහාට මේ නඩු පැවරීම සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.”

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අරගලයේ ප්‍රබල ක්‍රියකාරිකයකු ලෙස විශාල භූමිකාවක් කළ සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ප්‍රියත් නිකේෂලට කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු දස දෙනෙකුගෙන් පමණ යුතු මැර කණ්ඩායමක් ඊයේ 10 සවස හුදකලා කර එල්ල කළ ප්‍රහාරයක් නිසා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

ප්‍රතිකාර ගන්නා අතරතුර සිදුකළ අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලීසිය පැවසුවේ, කඩුවෙල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

පියත් නිකේෂල තම සේවය නිම කර යළි නිවසට පැමිණෙමින් සිටියදී බත්තරමුල්ල, කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී ඊයේ (10) පස්වරුවේ පහර කෑමට ලක් විය.

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මේ සම්බන්ධව මාධ්‍යයට පවසා ඇත්තේ තමන් මාලඹේ සිට කොස්වත්ත දෙසට පැමිණෙමින් සිටියදී පියත් නිකේෂල තමා අනතුරට ලක්කිරීමට උත්සාහ කළ බවය.

එම අවස්ථාවේ තමා නිකේෂල හඳුනා නොගත් බවත් ඔහු තමන් අරගලයේ සමාජිකයෙකු බව පවසමින් තමාට බැන වැදුණු බවත් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඔවු පවසන්නේ, මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වූ බවයි.

අනතුරුව පහරකෑමෙන් තුවාල ලැබූ පියත් නිකේෂල පළමුව තලංගම රෝහලට ඇතුළත් කළ අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණි.