ජෙරොම් පාදිලි රටින් පැනලා?

බුද්ධාගම, ඉස්ලාම් සහ හින්දු ආගම්වලට එරෙහිව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් පිළිබඳ ජනාධිපතිවරයාගේ නියමයෙන් මේ වන විට CID පරීක්ෂණයකට මුහුණ දී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද උදෑසන රටින් පලා ගිය බව දේවගැතිවරයාගේ සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.

ජෙරොම් දේවගැතියා අද අලුයම සිංගප්පූරුව බලා පිටත් වූ අතර ඉක්මනින්ම වෙනත් ගමනාන්තයකට පිටත් වීමට නියමිත බව වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මූලාශ්‍රය පැවසුවේ ඔහුට අවම වශයෙන් තවත් රටවල් දෙකකට වීසා කිහිපයක් ඇති බවත්, ඔහු ඉන් එකක් සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන බවත්ය.

කෙසේ වෙතත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බන්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ආරංචි මාර්ග පැවසුවේ ජෙරොම් රට හැර ගොස් ඇති බව බලධාරීන් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති බවය.

දෙවියන්වහන්සේ සමග සමීප සම්බන්ධතා පවත්වන බව කියන ස්වයං ප්‍රකාශිත ශාන්තුවරයා රටින් පලා ගියේද යන්න පිළිබඳ තහවුරු කර තොරතුරක් නැති බවත් අපරාධ විමර්ශන අංශ විසින් ලබා ගත් ගුවන් ගමන් තහනමක් හෝ ඔහු සම්බන්ධව නිකුත් කර නැති බැවින් රටින් පිටවී ගිය ද බලපෑමක් කිරීමේ හැකියාවක් නොමැති බවත් ගුවන්තොටුපල ආරංචි මාර්ග කියයි.