සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය මිය යෑම : පොලිසියේ නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි!

සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවෙ දී මිය යෑම… වැලිකඩ පොලිසියේ නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි!
මේ සාපරාධී ක්‍රියාවට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි!

කලකට පෙර මේ රටේ ආන්දෝලනාත්මක කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියට පහරදීම සහ ඇයගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරින් රැසක් ඉදිරි සතිය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
එසේම පොලිස් ස්ථානයේ නිලධාරීන් කීපදෙනෙක් ස්ථාන මාරු කීරීමට ද නියමිත බව ද වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනවලදී මේ වනවිට හෙළි වී ඇත්තේ මෙම කාන්තාවට පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් එක්වී පහර දී ඇති බවය.

එමෙන්ම ඇය අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත්තේ නීති විරෝධීව බවද හෙළි වී ඇත.

පසුගිය 11 වැනිදා උදේ වරුවේ සුධර්මා නෙත්තිකුමාර විසින් සිය මුද්දක් නැතිවූ බවත් ඊට තම නිවසේ හිටපු මෙහෙකාරිය සැක බවත් දන්වා වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලකින් පැය දෙකක් ඇතුළත ඇයව අත්අඩංගුවට ගෙන තිබිණි.