මම දන්නේ නෑ…. බඩු මගේ නෙමෙයි… “රත්තරන් සබ්‍රි” මාධ්‍යයට කියයි!

තමන් චෝදනා ලැබුවේ නිවැරැද්දේ බවත්, එම රත්තරන් තොගය සහ ස්මාර්ට් ෆෝන් තොගය තමන්ගේ නොවන බවත්, කෝටි හත හමාරක රත්තරන් සහ ස්මාර්ට් ෆෝන් තොගයක් ගුවන්තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් පන්නට ගොස් රේගු අත්අඩංගුවට පත් වී ලක්ෂ 75ක දඩයක් ගෙවා නිදහස් වී පැමිණි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය අමතා පැවසුවේය.

ඔහු කීවේ තමන් දන්නා හිතවතෙක් විශ්වාස කිරීමෙන් මේ අගතිය තමන්ට සිදුවූ බවය. තමන් නොදැන තමන්ගේ නමට හොබඩු පැටවූ තමන්ගේ හිතවතා වැරැද්ද පිළිගත් බවත්, ඔහුගේ හොර බඩු තොගය රට තුළට ඔහු ඇතුළු කිරීමට උත්සාහ කර තිබුණේ තමන්ගේ ගුවන් ගමන් බලපත්‍රයෙන් වීම මේ ගැටලුවට මුල් වූ බවත්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“මම ඊයේ එයාපොර්ට් එකෙන් එනකොට රත්තරන් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුනා. ෆෝන් වගයක් අල්ලා ගත්තා. ඇත්තටම කියනවා නම් ඒ ෆෝන් සහ රත්තරන් මම ගෙනාපුවා නෙමෙයි. අවුරුදු හත අටක් දන්න දන්න මගේ ඡන්ද දායකයෙක්. මම ඒ කෙනාව විශ්වාස කළා.”

“ බඩු නිදහස් කරගන්නකොට මාත් එක්ක ආවා අවුරුදු හත අටක් මම දන්න කෙනෙක්. මාත් එක්ක ආපු කෙනා. එයාගේ බෑග් එක මාගේ බෝඩින් එකට ගැහුවා. එයාගෙ බෑග් එකයි මගේ බෑග් එකයි මගේ බෝඩින් එකට වැටුනා.”

“ඒකට පස්සේ එයා අහුවුනා. එයා අහුවුනාම ඒ බෝඩින් එක මගේ නමට ඩුබායිවලින් දාලා තිබුණේ. ඒක මගේ බඩු ලෙස තමයි පැමිණියේ. ඒ නිසා ඔවුන් මාව අල්ලා ගත්තා.”

“මම වගකියන්න ඕන තමයි. බඩු මගේ නෙමෙයි . ජනාධිපතිලේකම් තුමාට මම කතා කරලා කිව්වා. අග්‍රාමාත්‍යතුමාට කිව්වා. දෙන්නම බලන්නම් කිව්වා. ඒ උනාට මට උදව් කළේ නෑ.”

“ආණ්ඩුවේ මන්ත්‍රීවරු විදිහට හිටපු නිසා මගේ ගෙවල් පිච්චුවා. අපි සියලු දේ දරාගෙන හිටියා. මේ වගේ වෙලාවකට මට ආණ්ඩුව උදව් කළේ නෑ. ඒ නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.”