හම සුදු කරගන්න පුද්ගලික රෝහල්වලට යන අයට පිළිකා රෝගීන්ට විදින එන්නත් විදලා!

සම සුදුකර ගැනීම සඳහා විශේෂඥ දැනුම සොයා ඇතැම් පෞද්ගලික රෝහල්වෙත යන ගණුදෙණුකරුවන්ට ග්ලූටතයෝන්( Glutathione )එන්නත භාවිත කරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි ලැබෙමින් පවතින බව එම අධිකාරිය සඳහන් කරයි.

පිලිකා රෝගීන්ගේ අතුරු ආබාධයන් සමනය කිරීමට සදහා ලබා දෙන ග්ලූටතයෝන් එන්නත් සම සුදුකිරීම සඳහා භාවිත කිරිම ඉතාමත් අනතුරුදායක තත්ත්වයන් නිර්මාණය කරනනක් බව චර්ම රෝග විශේඥවරු පසුගියදා පෙන්වාදුන්හ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔවුන් එසේ පෙන්වා දුන්නේ එම ග්ලූටතයෝන් එන්නත සම සුදුකිරිමට සඳහා අලෙවි කළ පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ හා ආහාර පරික්ෂකවරුන් කටයුතු කිරිමත් සමගය.

මෙම එන්නත භාවිත කරමින් ඇතැම් පෞද්ගලික රෝහල්වල රූපලාවන්‍ය කටයුතු සිදුකරන අංශයේ සම සුදුකර ගැනීම සඳහා භාවිත කරන බවට ලද පැමිණිලවල සටහන් කර ඇති බවද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ.

මෙම පැමිණිලි අනුව ඉදිරියේදී ක්‍රියාත්මක වීමට කටයුතු කරන බවද එම ප්‍රකාශකයා කීවේය.