පල්ලේගම සුමන අත් අඩංගුවට…

පසුගිය වකාවානුවේ කාන්තාවන් දෙදෙනෙක් සමග අඩ නිරුවතින් සිටිමින් ගම්වාසීන්ට හසුවීම නිසා පහරකෑමකට ලක් වූ බොමිරිය ප්‍රදේශයේ පල්ලේගම සුමන නැමැති චීවරධාරියා අද (08) පොලිිසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවන් සේවනයට අධික ලෙස ගිජු වූ මෙම චීවරධාරියා ප්‍රදේශයේ කාන්තාවන් කීප දෙනෙකුට සිදුකළ නොමනා ක්‍රියා පිළිබඳව පොලිසියට ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලක් මත සාක්ෂි සටහන් කරගැනිම සඳහා පොලිසියට කැඳවා ඔඑුය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මින් පෙර අවස්ථාවක ජපානයේ දී සම ලිංගික ක්‍රියාවක් සම්බන්ධව තමන්ව ජපානයට කැඳවූ දාකය පිරිසටම හසුවීමෙන් ගර්හාවට පත් මාගල්කන්දේ සුදත්ත නම් චීවරධාරියාත් මෙසේ බහු ස්ත්‍රී සංසර්ගයේ දී දායකයන් අතටම හසුවූ පල්ලේගම සුමනත් ජාති වාදය වපුරමින් දේශපාලන අවශ්‍යතා මත අනවශ්‍ය ගැටුමක් රට තුළ නිර්මාණය කරන්නට ගිය පුද්ගලයින් බව මේ වනවිට හෙළිදරව් වී තිබීමත් විශේෂය.