නවක වධය ගැන තොරතුරු දැනුම් දීමට අංකයක්

දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා

විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, පැය 24 පුරා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බවයි.

076 54 53 454 යන දුරකතන අංකයට WhatsApp පණිවුඩයක්, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකියි.

1997 යන කෙටි දුරකතන අංකයටත් මේ සම්බන්ධව දැනුම් දීමේ හැකියාව පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.