පොලිස් බල ප්‍රදේශ කිහිපයක අඟුළු අරියි

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව covid – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කෙරේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත් වෙයි

ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ

  • මීගමුව
  • වත්තල
  • පෑලියගොඩ
  • රාගම
  • කැලණිය

අටලුගම ප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්,

  • බෝගහවත්ත
  • බමුණුමුල්ල මුස්ලිම් ප්‍රදේශය
  • හිරිමන්තුඩාව
  • කෝරාවල
  • අටලුගම බටහිර
  • බමුණුමුල්ල
  • ගලහමණ්ඩිය