ධවල මන්දිරයෙන් ඉවත්වීමට ට්‍රම්ප් ගෙන් කොන්දේසියක්

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දීරයෙන් පිටවයාම සම්බන්ධයෙන් පළමුවරට ප්‍රකාශයක් සිදු කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජයග්‍රහණය කර ඇති බවට නිල වශයෙන් තහවුරු වුවහොත් පමණක් තමන් ධවල මන්දිරයෙන් නික්ම යන බව ඔහු සදහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත් මෙවර ජනාධිපතිවරණයේදී විශාල වංචාවක් සිදුවූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ප්‍රකාශ කර තිබේ.

එවැනි වංචා සහගත මැතිවරණයකින් ලැබූ පරාජය පිළිගැනිම දුෂ්කර බව අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේය.