වෙද පැණිය ගන්න විශාල ජනතාවක්, පිරිස පාලනයට පොලීසිය

හෙට්ටිමුල්ල වෙද පැණිය ලබාගැනීමට අති විශාල ජනකායක් පැමිණ තිබෙන බව වාර්තා වනවා.
වීර බද්රධම්ම කොරෝනා නිවාර පැණිය ලෙස හඳුන්වන මෙම පැණිය අද දිනයේදී නොමිලේ ලබා දෙන බවට පළ කළ දැන්වීමකට අනුවයි මෙලෙස විශාල ජනතාවක් පැමිණ තිබෙන්නේ.
මේ වන විට පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය පැමිණ සිටිනවා.