ආසනික් අඩංගු මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් කන්ටේනර් 48ක් චීනයෙන් ගෙනත්

චීනයෙන් ආනයනය කෙරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් කන්ටේනර් 48ක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ, අදාළ සැමන් ටින් තොගයේ ආසනික් අඩංගු වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තහවුරු කර ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාළ කන්ටේනර් 48 තුළ සැමන් මෙට්‍රික් ටොන් 768ක් අන්තර්ගත වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 384ක් බවට ඇස්තමේන්තු කර තිබේ.

පරිභෝජනයට නුසුදුසු මෙම සැමන් තොගය ආපසු චීනයට යැවීමට ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය පියවර ගෙන තිබේ. ඉන් කන්ටේනර් දෙකක් අද චීනය වෙත ආපසු යවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඊට අමතරව මෙම සැමන් තොගය මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනයක් ද පවත්වා තිබේ.