ඉංගිරියේ කොරෝනා ආසාදිතයන් 212 දක්වා ඉහළට

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඊයේ දින සවස වනවිට හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 212ක් බවත්, පවුල් 66ක පුද්ගලයින් 250 දෙනෙකු මෙි වනවිට නිරෝධායනය වෙමින් පවතින බවත් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලනමහජන සෞඛ්‍ය පරීක්ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා පවසයි.
පෝරුව දණ්ඩ හදපාන්ගොඩ සහ ඉංගිිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස 03 න් 118ක් වූ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුව ඇත්තේ පෝරුව දණ්ඩ කොට්ඨාසයෙනි. පසුගියදා මෙම කොට්ඨාසයේ බොරළු ගොඩ පිහිටි දැව ආශ්රිත කර්මාන්ත ශාලාවක සේවකයින් 52දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවත් එයින් 37 දෙනෙකුම ඉන්දියානු ජාතිකයින් බවත් තහවුරු වී තිබිණි.
ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය හර්ෂණි වීරසිංහ මහත්මියගේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ මේ වනවිට බල ප්‍රදේශයේ පිසීආර් පරීක්ෂණ 1453ක් සිදුකර ඇති බවත් ඉංගිරිය බල ප්‍රදේශයේ කර්මාන්තශාලා වැඩි වශයෙන් පවතින බැවින් තවදුරටත් කර්මාන්ත ශාලා ආශ්‍රිතව අහඹු පරීක්ෂණ මගින් ආසාදිතයින්සොයා ගැනීමේ කටයුතුවල නිරත වන බවත් ඉංගිරිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකඑල්.පී.එල්. ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පවසයි.