හරීන්ට දැක්වූ ජනපති ගේ ප්‍රතිචාරය, එජාපය හෙලාදකියි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ ප්‍රකාශයට  ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය, හෙලාදකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් අද (13) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හරීන් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති බැවින් එහි සාමාජිකයන් හට ඊට ප්‍රතිචාර දැක්විය හැකි බවයි.

නමුත් ජනාධිපතිවරයා විසින් සිදුකළ අදහස් දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිදුකළ තර්ජනයක් හා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව සිහිපත් කිරීමට කැමති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එජාපය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

Harinsin 670px 21 01 13