විශේෂ නිවේදනය : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලංකාව බලා පිටත් වීමට අපේක්ෂිත සියලුම ශ්‍රී ලාංකිකයන්ට

විශේෂ නිවේදනය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලංකාව බලා පිටත් වීමට අපේක්ෂිත සියලුම ශ්‍රී ලාංකිකයන් ඉදිරියේදී තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අබුඩාබි/අල් අයින් කාර්යාලය හා සම්බන්ධ වී ගුවන් ටිකට්පතක් වෙන් කරවා ගැනීම මගින් මව්රට බලා පිටත් වීමට හැකියාව ඇත. නියමිත ගුවන්මගීන් ප්‍රමාණය සම්පූර්ණ වූ වහාම ගුවන් ගමන යෙදී ඇති දිනය, වේලාව, PCR පරීක්ෂණ පිළිබඳ විස්තර ආදී අවශ්‍ය සියලුම උපදෙස් සහ තොරතුරු එම ආයතනය මඟින් ලබා දෙනු ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පහත සඳහන් දුරකතන අංක ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අබුඩාබි ශාඛාව හා සම්බන්ධ විය හැකිය.

චින්තක පෙරේරා – 0506639146 / [email protected]
කාවින්ද අමරසිංහ – 0502492596 / [email protected]
ගයාන් කසුන්ත – 0526964621 / [email protected]

ශ්‍රී ලංකන් ගුවන් සේවය – අබුඩාබි
ඉලෙක්ට්‍රා වීදිය, PO Box : 2086, අල් ඩර්මාකි ගොඩනැගිල්ල, අබුඩාබි ( Holiday In හෝටලය අසල )

ශ්‍රී ලංකන් ගුවන් සේවය – අල් අයින්
මුරාබා මාවත, අල් අයින් (ALAM සුපිරි වෙළඳසල අසල)