මම කැමතිත් නෑ රජය ෆේල් වෙනවට – රෝසි කියයි

කොළඹ මහනගර සභා සීමාවේ 4836 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසන්නීය.

අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඇය පෙන්වා දුන්නේ ඉන් 229 දෙනෙකු කොළඹ නගර සභාවට අයත් අය බවය.

“කොළඹ නගරයේ මරණ සංඛ්‍යාව 28යි. කොළඹ මහනගර සභා සීමාවේ සියයට 70ක් පමණ මේ වනවිට හුදකලා තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මට්ටක්කුලියයි මෝදරයි හුදකලා කරලා තියෙනවා නමුත් මහවත්ත, අලුත් මාවත, ලුණුපොකුණ හුදකලා වෙලා නෑ. හුදකලා කරපු අතරමැද්දට හුදකලා නොවිච්ච තැන් කිහිපයක් තියෙනවා. වටේම හුදකලා කරලා මැද ප්‍රදේශ ඇරියාම ඒකේ කටිටිය එහාට මෙහාට යනවා. ඒ හේතුව නිසාම සමහර හුදකලා කරපු ප්‍රදේශවලත් නිරෝධායනය කරපු අයත් රැකියාවට යනවා. රජයට විතරක් වගකීම දීලා එක එක්කෙනා විවේචනය කිරීම නෙමෙයි අපි කරන්නේ. අපි සියලුදෙනාම මැදිහත්වෙලා මේකෙන් ගොඩ එන්න. මම කැමති නෑ කොවිඩ් හේතු කරගෙන රජය ෆේල් වෙනවට.” යනුවෙන් ද  කොළඹ මහනරග සභාවේ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය සඳහන් කළාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!